කල්පිටිය ප්රාදේශීය කොට්ඨාශයට අදාළ කොට්ඨාශ දින රැස්වීම 2018 ඔක්තෝම්බර් මස 16 වන දින කල්පිටිය ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් කල්පිටිය ප්රාදේශිය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමට කල්පිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගි විය යුතුය.
ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2017.06.21 වන දින කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් මුජුබර් රහුමාන් මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්රජා සංවිධාන, ග්රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්ර නිලධාරීන් සහභාගී විය.
Read more: ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම
ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2017 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.
Read more: ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන ලද සීල භාවනා වැඩසටහන
බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
Read more: උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2017