අපගේ දැක්ම
කල්පිටිය, සමගිය පිරි ස්වයංපෝෂිත ආකර්ශනීය අර්ධද්වීපයක්
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන්යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.
හැදින්වීම
වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ වයඹ දිග වෙරළේ උතුරින් මන්නාරම් මුහුදු සීමාවෙන්ද, නැගෙනහිරෙන් වනාතවිල්ලුව සහ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවෙන්ද, බටහිරින් ඉන්දියන් සාගරයෙන්ද, දකුණින් පුත්තලම සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවෙන්ද වටවූ වර්ග කිලෝමීටර් 154 ක භූමි ප්‍රමාණයක් වූ අර්ධද්වීපය කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරි වසම් 31 කින් සමන්විත වන අතර, ගොඩබිම් තීරුවට අමතරව මුහුදේ පිහිටි ආකර්ශණීය දූපත් 14 ක් සහ කලපුවේ පිහිටි මනරම් වූ දූපත් 17 ක් ද මෙම භූමි ප්‍රමාණයට අයත් වේ. මෙම දූපත් අතරින් ඩච්බේ සහ පල්ලියවත්ත යන දූපත් හි ජනාවාස පිහිටුවා ඇති අතරම, ස්ථීර පදිංචිකරුවන්ට අමතරව සංක්‍රමණික ධීවරයින්ද බහුලව මෙම දූපත් හි වාසය කරනු ලැබේ. මොවුන් නොවැම්බර් සිට අප්‍රියෙල් දක්වා වන කාල වකවානුව තුළ පමණක් දූපත්වල පදිංචි වී ධීවර කර්මාන්තයේ නිරත වේ.

ශ්‍රී ලංකාවේ පිහිටි අර්ධද්වීප දෙක අතරින් එකක් වන කල්පිටිය අර්ධද්වීපය පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි දිගම වෙරළ තීරයෙන් යුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද වේ. එම වෙරළ තීරයේ දිග කිලෝ මීටර් 71.8 ක් වන අතර, ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම කලපුව වන පුත්තලම කලපුවටද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මායිම් වේ. පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 අතරින් ඉතාමත් ආකර්ශණීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වන්නේ මෙම කල්පිටය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි.
භූ විෂමතා ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේ දී හුනුගල් තට්ටුවක් මතට වැලි එකතුවීමෙන් සෑදුණු මෙම බිම් ප්‍රදේශය තුළ ආලංකුඩාව, ආණ්ඩන්කන්නි සහ ඒත්තාල යන ග්‍රාම නිලධාරිවසම්වල විශාල වැලි කදු පිහිටා ඇත. දූපත් අතරින් පල්ලියවත්ත දූපත සීඝ්රයෙන් මුහුදු ඛාදනයට ලක් වෙමින් පවතින අතරම, මේ වන විට පල්ලියවත්ත දූපතේ ඉතා කුඩා බිම් ප්‍රදේශයක් පමණක් ඉතිරි ව ඇත. මෙම කොට්ඨාශයේ භූගත ජලය අඩි 05 ක් පමණ ගැඹුරින් පිහිටා ඇත. මෙම කොට්ඨාශයේ බහුලව කෘෂිකාර්මික කටයුතුවලදී අධිසාන්ද්‍රණයෙන් යුතු කෘෂි රසායන ද්‍රව්‍යය අධි මාත්‍රාවෙන් යෙදීම කරණ කොටගෙන මේ විට කල්පිටියේ භූගත ජලයේ නයිට්රේට් සාන්ද්‍රණය ඉතාමත් ඉහළ අගයක් ගෙන ඇති බැවින්, කොට්ඨාශයේ පානීය ජල මූලාශ්‍ර සීමිතවීමත් පවතින ජල මූලශ්රවල ජලයේ නයිට්රේට් සාන්ද්‍රණය ඉහළ යාමත් නිසා පිරිසිදු ජලය සොයා ගැනීම මෙම කොට්ඨාශයේ දැඩි අර්බුදයක් බවට පත්ව ඇත.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බහු ආගමික සහ බහු ජාතික ජන වර්ග ජීවත් වන අතර, සිංහල දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යන ජන වර්ග සිටින අතර, ආගමික වශයෙන් ගත් කළ බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු, වෙනත් වශයෙන් ආගමික ජන කොටස් වේ. ඒ අනුව මෙම කොට්ඨාශය බහුවාර්ගික සහ බහු ආගමික කොට්ඨාශයක් බවට පත් වන අතර, ඓතිහාසික තොරතුරු කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මන්නාරම ස්වාභාවික වරාය ආශ්‍රිතව කෙරුණු නාවික කටයුතුවලදී කල්පිටියට වැදගත් ස්ථානයක් හිමිව ඇත. ඉතිහාසඥයින්ගේ මතයට අනුව අතීතයේ දී ඒත්තාල සහ තිල්අඩිය වැනි ප්‍රදේශවලින් ලුණු නැව්ගත කිරීමක් සිදුව ඇති අතරම, තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානය, කප්පල් අඩිය මුස්ලිම් පල්ලිය සහ කප්පල් අඩියෙන් හමු වූ සිරිපතුල් සහිත ගල් පුවරු අතීතයේ දී කොට්ඨාශයේ පැවැති ආගමික දියුණුව කියාපාන දෘශ්‍යමාන සාධක බවට පත්වන්නේය.

පුරාවෘත්තවල සඳහන් අල්ලිරාණි මාලිගයද මෙම කොට්ඨාශයේ පිහිටා ඇති අතර, ඉබන්බතුතාගේ දේශනවල සඳහන් කල්පිටියේ බෝගස දැනට නාවික හමුදාව කඳවුර අසළ ඇති බෝගස බව සැළකේ. එසේම නාවික හමුදා විසින් දැනට භාවිතා කරනු ලබන ඕලන්ද බලකොටුව ලාංකීය ඉතිහාසය හා කල්පිටිය සෘජුව සම්බන්ධ වන ප්‍රධාන සාධකයක් බවට පත් ව ඇත. එමෙන්ම මෙම කොට්ඨාශයේ පිහිටි ලක්විජය ගල් අගුරු බලාගාරය මගින් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන අතර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශත්ති අධිකාරිය විසින් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බලශක්ති උත්පාදන කොට්ඨාශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, දැනට ඉදිකර ඇති සුළං විදුලි බලාගාර මගින් මෙගා වොට් 50 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1508/18 සහ 2007.08.01 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් කල්පිටිය සංචාරක කලාපයක් ලෙ ප්‍රකාශයට පත්කර ඇති අතර, කයිට් සර්ෆින් ක්‍රීඩාවට සහ ඩොල්ෆින්, තල්මසුන් වැනි මුහුදු ක්ෂිරපායින් නරඹීම සඳහා ද දෙස් විදෙස් සංචරකයින් විශාල වශයෙන් මෙම කොට්ඨාශයට පැමිණෙන අතර, මෙම කොට්ඨාශය සතු ව ඇති දූපත් නිසාවෙන් මෙම ආකර්ශනය තවදුරටත් වැඩිව ඇත. එමෙන්ම මෙම කොට්ඨාශයේ උඩරට සහ පහතරට එළවළු වර්ග බහුළව වගා කෙරෙන අතරම, පළතුරු වශයෙන් ගස්ලබු, පේර, දෙළුම්, ඩැග්රන් ෆෘට් ආදිය බහුළව වගා කරනු ලැබේ. මෙම කොට්ඨාශය රටේ ජාතික ආර්ථිකයට විවිධ පැතිකඩවලින් සුවිශාල දායකත්වයක් ලබාදෙන පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ආකර්ශණීයම අර්ධද්වීපය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බවද සඳහන් කළ හැකිය.

සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
මෙතෙක් සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ඩබ්ලිව්.එල්.සී. ලෝව් මයා | ||
| ඊ. ඩබ්ලිව්. ඉලයප්ප ආරච්චි මයා | ||
| එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මයා | ||
| ඩබ්ලිව්.ජේ. ලෝව් මයා | ||
| චාල්ස් පෙරේරා මයා | ||
| එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර මයා | 2005.03.04 | |
| එච්.එම්.එස්.පී. හේරත් මයා | 2005.03.05 | 2006.05.02 |
| එම්.කේ. මුහයිස් මයා | 2006.05.03 | 2007.11.18 |
| එම්.එච්.එම්. රියාල්දීන් මයා | 2007.11.18 | 2011.06.05 |
| කේ.පී. රංගන ප්‍රනාන්දු මයා | 2011.06.06 | 2015.07.08 |
| එච්.එම්.එස්.පී. හේරත් මයා | 2015.07.09 | 2018.03.14 |
| එම්.එම්.එන්. සෝමතිලක මයා | 2018.03.15 |















